කුසල් ජනිත් සිදුවීම පසුපස නැවතත් ඉස්මතු වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් වැට්ටවීමේ අයි.සී.සී. ජාවාරම!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයි.සී.සී. ය මගින් 2015 දෙසැම්බර් 15 දින සිට 'තහනම් උත්තේජක' චෝදනාවක් මත පදනම් වෙමින් කුසල් ජනිත් ක්‍රීඩකයාට තරග තහනමක් පනවනු ලැබීය.බොහෝ දෙනෙක් කුසල් ජනිත් දිහාව සැකයෙන් බැලුවත් එදාත් අප පැවසුවේ වරදක් නොමැති බවත් ඇත්තේ අයි.සී.සී කුහකත්වය බවත්ය.
මේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් අයි.සී.සී. ගොදුරු බවට පත් වූ පළමු අවස්ථාව නොවේ.එදා මුත්තයියා මුරලිදරන්ට,සචිත්ර සේනානායකට අයි.සී.සී. කුහකත්වයට මේ ආකරයෙන්ම මුහුණ දීමට සිදු විය.එවකට මෙන්ම වර්තමානයේත් ක්‍රීඩා භාර මහ ඇත්තෝ මෙම සිදු වීම් දාමය දෙස අයි.සී.සී. යට සිදු වූ අත් වැරදීම් ලෙස උපේක්ෂාවෙන් බලයි නම් මීළගට ශ්‍රී ලංකාවෙන් මතු වන ක්‍රිකට් අංකුරටද අත් වන්නේ මේ ඉරණමයි.
ක්‍රීඩාව භාර බලධාරීන් ක්‍රිකට් වේවා කවර ක්‍රීඩාවක් හෝ වේවා ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින් ගොදුරු බවට පත් කරගැනීමට වහා එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු කාලය එළබ තිබේ.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විරුද්ධව වහාම අපහාස වන්දි නඩුවක් පවරා කුසල් ජනිත්ටත්, ලාංකේය ක්‍රීඩාවටත් වූ අගෞරවයට නිවැරදි කිරීමක් කරවා ගැනීම අත්‍යාවශ්‍ය වන බව අප තරයේ සදහන් කරන්නෙමු.
ඉෂාර ලක්මිණ
Top Story
සජානා කෙල්ල වී යුරේනි බඩුව වීම.
සජානා යුරේනි තරම් සමාජශීලි නොමැත, ඒ නිසා යුරේනි බඩුවකි, සජානා පාඩුවේ සිටිනා කෙල්ලෙකි.. සජානාගේ කොණ්ඩය දිගය, පාට කර හෝ ලේයර් කර නොමැත, එ...

About US

වහල් හිමියන් කොලෝසියමෙ නාට්‍ය බලනකොට වහල්ලු එරීනාවෙ සටන්කලා... ඒ වහල් විමුක්තියට නෙවෙයි...! කොලෝසියමෙ නාට්‍ය බෝරින් උනාම වහල් හිමියන්ට ආතල් දෙන්න... ඒත් ඒ වහල්ලු සටන් කරන කලාව දැනගෙන හිටියෙ නෑ... උන් අතට දුන්න අවි අරගෙන ඔහේ, එහෙ මෙහෙ වැනුවා විතරයි... ඒත් පීඩකයන්ට ඕනවුනේ ඊට වඩා දෙයක්.... උන් වහලුන්ට සටන් කරන හැටි කියලා දුන්නා... තමන් අතට ලැබුන අවියෙන් අනිකට අනින්න... බෙල්ල කපන්න කියලා දුන්නා. පීඩකයන් වහල් සටන් වලින් නිකුත්වුන උණු ලේ වල සුවද රසකර වින්දා... ඒත් එක මොහොතක ඒරීනාවෙ සටන් කල වහලුන්, ඒ අවි තමන්ගෙන් විනෝද වෙන පීඩකයන්ට එරෙහිවත් යොදාගන්න පුලුවන් බව තේරුම් ගත්තා... එහෙමත් නැත්නම් වහලා කියන කඩතුරාවෙන්, තමන්ව යටකරල හිටපු මනුස්සයව හොයාගත්තා... එතන ඉදලා වහල්ලු තමන් එකිනෙකා මරාගත්ත සටන, පීඩකයට එරෙහිව යොදාගත්තා... තමන්ගෙ මරණයේ පාසල, පීඩකයගෙ මරණයේ පාසල බවට පත්කර ගත්තා... එතන ඉදලා සියලු පීඩකයන්ගෙ සටන් පාසල බවට එරීනාව පත්වෙනවා... ඔව්...! පීඩකයන්ට එරෙහිව ධෛර්යයෙන් සටන් කරන්න ඉගෙනගන්න සටන් පාසල එරීනාව වුනා... කාලය වෙනස් උනත් එරීනාව අදටත් අදාලයි... වහල් කැරැල්ලෙන් වහලා නිදහස් උනත් සමහර වහල් බැමි අදටත් අපිව වෙලාගෙන... මේ එරීනාව අතීත සටන් සගයන්ගෙ සටන් පාසල... ඉතින් එන්න වහල් බැමි පුපුරවන්න...!!!

Popular
-
ශ්‍රී ලංකාවේ ලිංගික සංස්කෘතිය නැවත ප්‍රශ්නගත කළ යුතු සිදුවීම් දෙකක් පිළිබඳව පසුගිය දිනවල විවිධ මාධ්‍ය මඟින් දැනුවත් වන්නට අවස්ථාව ලැබුණි....
-
නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහ...
-
ලිංගිකත්වය යනු පිරිමි හා ගැහැණු පමණක්ම නොවේ. ස්ත්‍රී හෝ පුරුෂ යන ස්ථීර කාණ්ඩ දෙකට නිසැකයෙන්ම අයිති නොවන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යත...
-
කුඩා කල අසා තිබූ ආකාරයට ‘සන්නාසියන්’ යනු දිගු රැවුලක් හා කොණ්ඩයක් ඇති - අතිශය නපුරු - කුඩා ළමුන් රහසේම රැගෙන යන්නන් ය. එහෙත් ‘සන්නාසි වෙස...
-
"අඹ කාල තියනව නේද ? බාගෙට ඉදුණු අඹ ටිකක් ඇඹුල් නිසා රස නැහැ ...ඒ වගේමය් හොදටම ඉදුණු අඹ ඉදිල වැඩි නිසා රස නැහැ..... බලෙන් ඉදවපු අඔ නම...
-
කැලණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ තත්වයත් සමග නැවතත් ලාංකේය ජන සමාජය 'නවක වදය' පිළිබදව කථිකාවකට මුල පුරා ඇත.1993 සිට විශ්වවිද්‍යා...

No comments:
Post a Comment