චතුරංග පෙරේරා ලියන බෝඩිම - අමුයි බං. (1)
පාසල් ගමන අවසන් වී මාස කිහිපයකට පසුව පවුලට බරක් නොවී ජීවත් විම සදහා පත්තර පිටුවක තිබු කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් සදහා අයදුම් කර මාතලේ සිට කොළඹට පැමිණියේ දහසක් සිහින හිතේ මවාගෙනය.නවලෝකේ පිහිටි එම ආයතනයේ විවිධ කාර්්‍යයන් සදහා මා සමග සහෘදයන් අටදෙනෙකු විය.ඉන්දික,සුමුදු,නාමල් යන තිදෙනා කොළඹමය. චමත්, තුසිත දෙදෙනා මාතරත්, ශිවා කිලිනොච්චියෙත්, වසිම් අම්පාරේද විය.
මා දවස් දෙක තුනක් රැකියාවට ආවේ ගියේ කොළඹ සිටින යහළුවෙකුගේ නිවසක සිටය. පසුව චමත්,තුසිත,ශිවා,වසිම් ගේ නවාතැන්පල වන කොම්පඤ්ඤ වීදියේ කඩවල් අතර වු බෝඩිං කාමරය පසුව මගෙත් නවතැන විය. අපේ සතුට-දුක,බඩගින්න,වේදනා,තරහා ඔක්කෝම මේ බෝඩිම දනී. බෝඩිමට එහායින් තිබුණේ හලාල් කෑම කඩයක්ය.ඇත්තටම, අපේ උදේ-දවල්-රාත්‍රී කෑම වේල් අඩුවට ලබා ගන්නේ ෆාරුක් කියන හලාල් මුදලාලිගේ කඩෙන්ය.හලාල් උනත් ඒ කෑම රසය.බඩගින්නේ සිටින අවස්ථාද බොහෝය.රාත්‍රී වෙලාවක නම් ඔෆීසියෙන් පැමිණ ඇදුම් චෙන්ජ් කර කෙලින්ම පිටත් වන්නේ ගොල්ෆ් ෆෙස් වෙතය.නයිට් ක්ලබ් දෙස බලමින්,පාරේ යන හයිෆයි වාහන දෙස බලමින් අපිත් අපේ සිහින ලොව වෙත පිය නගන අවස්ථා අපමණයි.අපිට හැමදාම නත්තල් නම් නෑ.ඒ නිසා හැමදාම පාටිත් නෑ.සැලරි හම්බවන්නේ විසිපස්වෙන්දා.එදාට ඉතිං අපිත් පොහොසත් තමා.සතියක්,සති එකහමාරක් ගියාමත් ආයිත් මධ්‍යස්ථයි.ඊට පස්සේ ඉතිං දුප්පත් තමා.....
ආණ්ඩුව බඩු මිල වැඩි කරනවා.කඩ හිමියෝ කෑම ජාති වැඩි කරනවා.ඒත් අපේ පඩිය නම් කවුරුත් වැඩි කරන්නේ නෑ.දෙයක් කියන්නත් අමතක වුනා.ඒ පෞද්ගලික ආයතනයේ 'පර්මනේට්'සෙට් එකක් ඉන්නවා.එයාලට පඩි වැඩි.අපි අට දෙනා කන්ට්‍රැක් ඉතිං පඩි අඩුයි.හැබැයි අපි හැමෝම එකම රාජකාරිය තමා කරන්නේ.මොනවා කරන්නද ජීවත් වෙන්නත් ජොබක් කරන්න ඕනේනේ.බෝඩිමට පුංචි ටී.වී.එකක් තියෙනවා.මැච් එක යනකොට ඕකෙන් තමා බලන්නේ.උදේ ඉදන් රෑ වෙනකම් දුවන රේඩියෝවක් තියෙනවා. ඒක කවදාවත් ඕෆ් නම් කරන්නේ නෑ.ඕෆ් උනොත් පැය ගානක් යනව ඕන් කරන්න.මොනවා උනත් පොඩි ඉඩක් තිබුණත් හිතේ සතුටින් නිදහසේ ඉන්න පුළුවන්.ගෙස්ට් හවුස් වගේ නෙමේයි. ගොඩක් අයට ගෙස්ට් හවුස් වලට වඩා බෝඩිං වල අත්දැකිම් වැඩිනේ. බෝඩිං සෙට් එක කන්න-බොන්න වගේම දුක-සතුටටත් එකට තමා මුහුණ දෙන්නේ.එක්කෙනෙක්ගේ ෂර්ට් එකක් තවත් කෙනෙක් ඇදන් යනවා.සපත්තු,සෙරෙප්පු මාරු කරන් යනවා.මරු ජීවිතේ.............
රෑට නිදාගන්නකොට පාරේ වාහන යන හඩ හරියට අපේ ජීවිතේ යන වේගය වගේ දැනෙනවා.කෝච්චිත් යනවා.ඔක්කොම ශබ්දවල් එකට මිශ්‍ර වුණාම එතන අමුතුම හඩන් නිර්මාණය වෙනවා.හතර පැත්තෙන් ම ඇති කෑම කඩ.රයිස්,කොත්තු දාන හඩ වල්,වහාන වල හඩවල් එකට මුසු උනාම එතන තියෙන්නේ උමතු වු පරිසරයක අමුතු වු ශබ්දයන්ය.
ජීවත් වෙන්න මිනිසුන් මොනතරම් කට්ටක් කනව ද?
එකෙක් දවල් රෑ නොබලා කොත්තු රයිස් දානවා. තව එකෙක් පවුල් ජීවිතය ගෙන යන්න රෑ වෙනකම් හයර් දුවනවා. අපි...............අපි උදේ ඉඳන් වැඩ කරලා රෑටත් අවටින් ඇසෙන ශබ්ද සමග ජීවත් වෙනවා.
ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ ශබ්ද මනහර
දුක-සතුට අපිට එකමය
කාලය ගෙවෙයි හරි ඉක්මණටම...!
-සතියක කොමාවක්-
Top Story
සජානා කෙල්ල වී යුරේනි බඩුව වීම.
සජානා යුරේනි තරම් සමාජශීලි නොමැත, ඒ නිසා යුරේනි බඩුවකි, සජානා පාඩුවේ සිටිනා කෙල්ලෙකි.. සජානාගේ කොණ්ඩය දිගය, පාට කර හෝ ලේයර් කර නොමැත, එ...

About US

වහල් හිමියන් කොලෝසියමෙ නාට්‍ය බලනකොට වහල්ලු එරීනාවෙ සටන්කලා... ඒ වහල් විමුක්තියට නෙවෙයි...! කොලෝසියමෙ නාට්‍ය බෝරින් උනාම වහල් හිමියන්ට ආතල් දෙන්න... ඒත් ඒ වහල්ලු සටන් කරන කලාව දැනගෙන හිටියෙ නෑ... උන් අතට දුන්න අවි අරගෙන ඔහේ, එහෙ මෙහෙ වැනුවා විතරයි... ඒත් පීඩකයන්ට ඕනවුනේ ඊට වඩා දෙයක්.... උන් වහලුන්ට සටන් කරන හැටි කියලා දුන්නා... තමන් අතට ලැබුන අවියෙන් අනිකට අනින්න... බෙල්ල කපන්න කියලා දුන්නා. පීඩකයන් වහල් සටන් වලින් නිකුත්වුන උණු ලේ වල සුවද රසකර වින්දා... ඒත් එක මොහොතක ඒරීනාවෙ සටන් කල වහලුන්, ඒ අවි තමන්ගෙන් විනෝද වෙන පීඩකයන්ට එරෙහිවත් යොදාගන්න පුලුවන් බව තේරුම් ගත්තා... එහෙමත් නැත්නම් වහලා කියන කඩතුරාවෙන්, තමන්ව යටකරල හිටපු මනුස්සයව හොයාගත්තා... එතන ඉදලා වහල්ලු තමන් එකිනෙකා මරාගත්ත සටන, පීඩකයට එරෙහිව යොදාගත්තා... තමන්ගෙ මරණයේ පාසල, පීඩකයගෙ මරණයේ පාසල බවට පත්කර ගත්තා... එතන ඉදලා සියලු පීඩකයන්ගෙ සටන් පාසල බවට එරීනාව පත්වෙනවා... ඔව්...! පීඩකයන්ට එරෙහිව ධෛර්යයෙන් සටන් කරන්න ඉගෙනගන්න සටන් පාසල එරීනාව වුනා... කාලය වෙනස් උනත් එරීනාව අදටත් අදාලයි... වහල් කැරැල්ලෙන් වහලා නිදහස් උනත් සමහර වහල් බැමි අදටත් අපිව වෙලාගෙන... මේ එරීනාව අතීත සටන් සගයන්ගෙ සටන් පාසල... ඉතින් එන්න වහල් බැමි පුපුරවන්න...!!!

Popular
-
නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහ...
-
නපුරු වෙනවද අකුරු... - බැරියර් නැති හෝඩියකට... කසුන් මහේන්ද්‍ර හීනටිගල ලියයි. ඒ ක හීනයක් නෙමෙයි. අත පුරා හිත පුරා හීනයට කණ ප...
-
ඔබ විසින් අනාගතය නිර්වචනය කර ගැනිමට අවශ්‍ය නම් ඊට පෙර ඔබ විසින් ඔබේ අතීතය හදාරා ඒ ගැන හොඳින් දැන ගත යුතුය. මෙම ප්‍රකාශය කොන්පියුසියස්තුමා...
-
මහාමාරිය ද මේ.... (Human Rights) "අපි හැමෝගෙම ඇඟ ඇතුලේ හිත් ඇතුලේ මහාමාරිය තියෙන බවත් මේ ලොකේ කිසිවෙකුත් ඒ මහාමාරියෙන් නිදහස්...
-
“අපේකම” ස්වයං විලංගුලා ගැනීම සහ සැබෑ “අපි” සොයා යෑම. මා නව පරිණාමයේ ඉතිහාසය වසර මිලියන 6.5 ක් දක්වා දිවේ. එහිදි මානව...
-
යුද අපරාධ, ලංකාව සහ නූගත් පාඩම්. ‘‘ප්‍රඥාව පහළ වූ කල්හි මිනිසුන් මානුෂික අයිතිවාසිකම් හා බැඳුණු යුතුකම් සහ වගකීම් සමුදායක් ඇ...

No comments:
Post a Comment